වැදි ප්‍රජාවේ අයට වනාන්තරවලට ඇතුළු වී එම සම්පත්වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයාම සඳහා විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට පිළිතුරු දෙමින් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් ලැබෙන බවයි.
ප්‍රජා නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයින්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමිවන බව ඔහු පැවසීය.