රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු ධුරවලින් ඉවත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු එම ධුරවලින් ඉවත් කර තිබේ.

මෙලෙස ඉවත් කෙරුණු අමාත්‍යවරුන් වන්නේ වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන අයයි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(a) වගන්තිය මගින් ලබා දී ඇති අධිකාරිය යටතේ මෙම තීරණය ගෙන ඇත.

ඉවත් කරන ලද සියලුම පුද්ගලයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහය පළ කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස ඉන්දික අනුරුද්ධ ද පසුගියදා පත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *