නාමල්ගේ ප්‍රතිපත්තිය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවය එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අයි.ටී.සී. රත්නදීප පරිශ්‍රයේදී අද(2) පෙරවරු 10.00 සිට පැවැත්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එම පක්‍ෂයේ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

එහිදී ජනාධිපති අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා එම පක්‍ෂයේ වඩපිළිවෙල නිල වශයෙන් ජනතාගත කිරීමට නියමිතය.

මෙම විශේෂ අවස්ථාවට විදේශ තානාපතිවරුන්ට ද ආරාධනා කර ඇති බව ද එම පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *