සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දළදා සමිඳුන්ට පූජා කරයි

සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා  සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර ශ්‍රී දළදා සමිඳුන්ට අ පූජා කර , දළදා  සමිඳුන්ගේ තේවාව  භාර  පූජ්‍ය  ශාස්ත්‍රපති උරුලෑවේ  ශ්‍රී ධම්මරක්ඛිත හිමි පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය බැහැ  දැක උන් වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාවට පැමිණි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු  නියෝජිත පිරිස  දළදා මාළිගාවේදී  දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්  පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල,පාඨලී චමිපික රණවක ,අර්ජුන රණතුංග මහාචාර්ය ජී එල් පීරීස් ,දයාසිරි ජයසේකර  ආචාර්ය හර්ෂද සිල්වා, තිලංග සුමතිපාල,  ලකී ජයවර්ධන  එරාන් වික්‍රමරත්න    යන මහත්වරුද  පක්ෂයේ ක්‍රියාකාරීන්ද සහභාගි  වූහ.

පිටු 38 කින් යුතු සම්පූර්ණ ලේඛනය මෙතැන ක්ලික් කර නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *