පවුල් 1386ක් නාය යෑමේ අධි අවදානම් ප්‍රදේශවල

මහනුවර දිස්ත්‍රික්කයේ  පවුල් 1386ක් නාය යෑමේ අධි අවදානම් ප්‍රදේශවල පදිංචිව සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවදානම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක පවුල් 1845ක් හඳුනාගෙන තිබුණු බව පවසන එම වාර්තාව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට නැවත පදිංචි කර තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල19ක පවුල් 231ක් පමණක් බවද සඳහන් කරයි.

පවුල් 235ක් විකල්ප අවස්ථා අනුව පදිංචිය සඳහා යොමුවී තිබුණු බවද විගණන වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන්වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *