අයි.එම්.එෆ් ගිවිසුම යළි සාකච්ඡා කළොත් ආර්ථිකය වැටෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද එවැන්නක් සිදු කිරීමට යාමෙන්  වන්නේ රටට ලැබීමට තිබෙන  මුදල් අහිමිව නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීන එක්සිම් බැංකුව සහ තවත් රටවල් 17ක් සමඟ ගිවිසුම්ගතව ලබාගත හැකි සියලු සහන ලබාගෙන ඇති බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි  සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති හමුවේදීය.

“දේශයේ අනාගතය ගොඩනැංවීම” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *