ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් රටටම පෙන්නයි

ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

දූෂණ විරෝධී පනත අනුව හෙළි නොකළ යුතු තොරතුරු හැර අපේක්ෂකයන්ගේ  අනෙකුත් වත්කම් බැරකම්  තොරතුරු වෙබ් අඩවියෙන් මෙසේ ප්‍රසිද්ධ කරන බව කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනා සිය නාම යෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් භාරදී ඇත.

එම කොමිසමෙන් ඒ ප්‍රකාශ අල්ලස් හෝ  දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන්  සභාවට භාරදිය යුතුවේ.

මේ අනුව ඒවා බාර දෙන ලෙස අල්ලස් කොමිසම මැතිවරණ  කොමිසමට දැනටමත් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *