පක්ෂ තුනක ලොක්කෝ රනිල් සොයා එති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා සමගි ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන මහත්වරු එක් වූහ.

සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා ⁣පැවසූයේ තවදුරටත් විවිධ පාර්ශ්ව හදන රැලි පසුපස යා යුතු නැති අතර නැවතත් පෝලිම් යුගයක් අවශ්‍ය නැති බවයි. මැතිවරණ සමයේ නොයෙක් කණ්ඩායම් නොයෙක් පොරොන්දු ලබා දුන්නත් ජනතාව ඒවාට තවදුරටත් රැවටෙන්නේ නැතැයි ද ස්ටැන්ලි මහතා පැවසීය .

ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා මහතා කීවෙි සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටි කාලයේ තම දිස්ත්‍රික්කයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති කිසිවක් සාර්ථකව අවසන් කළේ නැති අතර ඔහු අමාත්‍යවරයකු ලෙසත් අසාර්ථක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *