විවාදයට දිලිත් ලෑස්තියි

මාර්තු 12 ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී ඇත.

ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින් දැක ගැනීමට අවස්ථාව සලසන මෙම වේදිකාව ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් වන බව ‘සර්වජන බලය’ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *