’’රටේ ආර්ථිකය බංකොළොත් වෙලා’’

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය මේවන විට බංකොළොත් භාවයට පත්වී රට ආරාජිකත්වයට පත්ව ඇති බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

මේවන විට දේශපාලන පක්ෂ දිය වී නැති භංගස්ථානවී ඇති බවද රාජපක්ෂ මහතා කීය.

ඔහු මේ බව පැවැසූවේ නාවල, විජය බා මාවතේ පිහිටි ඔහුගේ නිවෙසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සිට මෙරට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයකුම සමානුපාතික මැතිවරණ නීතියත්, මැතිවරණ ක්‍රමයත් සම්පූර්ණයෙන් වෙනස් කරන බව පවසමින් බලයට පැමිණියත් එය වෙනස් නොකළ බව ද රාජපක්ෂ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *