බුලත්සිංහලට නාවික හමුදාව කැඳවයි

ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග, කළුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානය කියයි.

බුලත්සිංහල පරගොඩ මාර්ගයේ නාලියද්ද ප්‍රදේශය මේ වන විට අඩි අටක් පමණ ජලයෙන් යටවී නිවාස 44ක් ද ජලයෙන් යටව පවතින බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලිමක් අනුව  පරගොඩ ප්‍රදේශයට නාවික හමුදාවේ ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කළ බවත් එම සහන කණ්ඩායම්  පරගොඩ ප්‍රදේශයේ ගංවතුර සහන මෙහෙයුම් සිදු කරද්දී දියේ ගිලෙන්නට ගිය පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *