ග්‍රාම නිලධාරී වර්ජනය අවසන්

ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර මැතිවරණය නිමාවට පත්වනතුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබාදීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ  මහතා ඊයේ (18) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය

මේ වන විට ග්‍රාම නිලධාරීන් මැතිවරණ නිලධාරීන් බවට පත්ව ඇති බැවින් ස්වාධීන අපක්ෂපාතී සාම නිලධාරීන් ලෙස මැතිවරණ නීතියට අනුගත වෙමින් මහජන සේවාවන් උපරිම ආකාරයෙන් ඉටු කිරීම සඳහා මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගවලින් ඉවත් වන බවත් ඒ මහතා පැවසීය

ඉදිරියේදී පත්වන නව ජනාධිපතිවරයා සමඟ තම වෘත්තීය ගැටලු පිළිබඳව යලි සාකච්ඡා ආරම්භ කර පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එලෙස සාකච්ඡා මගින් ගැටලු විසදා ගැනීමට  නොහැකි වුවහොත් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *