ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි

ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය  අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් කොළඹදී පැවැති වැඩමුළුවකදීය.

අනුමත සීමා ඉක්මවා ප්‍රචාරක වියදම් දැරීම නීති විරෝධී බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධාන විසින්  විශේෂ වෙබ් අඩවියක්ද හඳුන්වා දෙනු ලැබ ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *