නායකයා අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි

ශ්‍රී ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බවත් ජනතාව මෙවරද වරදගතහොත් දැඩි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට සිදුවන බවත් ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා නාමයෝජනා භාරදීමෙන් පසුව පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනතාව වසර 75ක් දූෂිතයන්ට රැවටී සිටින බව ද කී ලියනගේ මහතා මෙම මැතිවරණයේදී ආණ්ඩුවට දූෂිතයන් සියලුම දෙනා එකතු වී ඇති බවද සඳහන් කළේය.

අනුර කුමාර හෝ සජිත් ජයග්‍රහණය කරනු ඇති බවත් එම දෙපළගෙන් කවුරු ජයග්‍රහණය කරත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *