ගංවතුර සුළි සුළං හානියට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024-05-15 දින සිට දිවයිනේ නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් පවුල් 120,215ක පුද්ගලයින් 454,625 ක් ආපදාවට ලක්වී ඇති අතර, පූර්ණ නිවාස හානි 172ක් හා අර්ධ නිවාස හානි 20,075 ක් වාර්තා වී ඇතැයි රජය පවසයි.

ඒ අනුව නිවාස පුර්ණ ලෙස හානි වූ පවුල් 172 සඳහා එම ස්ථානයේම හෝ වෙනත් සුරක්ෂිත ස්ථානයක නිවාස ඉදිකර දීමටත්, අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස 20,075 සඳහා වන්දි ලබා දීමටත් ආරක්ෂක අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා  ඉදිරිපත්  කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *