සුරාබදු සමාගම්වලින් කෝටි 800ක බදු පොල්ලක්

සුරාබදු නිෂ්පාදන සමාගම්  ගෙවීම පැහැර හැර ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 800 ක් දක්වා ඉහළ නැග ඇතැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මින් වැඩිම බදු ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත්තේ එක් සමාගමක් බවත් එම සමාගම මෙසේ ගෙවීම පැහැර හැර ඇති බදුවල වටිනාකම රුපියල් කෝටි පන්සියයක් බවත් කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා සඳහන්  කළේය.

මෙම හිඟ බදු නොගෙවන්නේ නම් එම නිෂ්පාදන සමාගම්වල සුරා බදු නිෂ්පාදන බලපත්‍ර වහාම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *