කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද ගැසට් නිවේදනයන් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ආයෝජන ප්‍රර්වර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2024-07-26 දිනැති අංක 2394/67 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2024 අංක 34 දරන කොළඹ වරාය නගරය (අක්වෙරළ බැංකු – මූලික) නියෝග සහ 2024-07-26 දිනැති අංක 2394/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2024 අංක 05 දරන කොළඹ වරාය නගරය (අක්වෙරළ විචක්ෂණශීලී කළමනා කරණය සහ විශ්වසනීයත්වය) නියෝග මෙලෙස අනුමත කර ඇත.