ක්ලබ් වසන්ත ඝාතකයන් යළි රිමාන්ඩ්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කල සිද්ධිය  සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුලු සැකකරුවන් 10දෙනා අගෝස්තු මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්  චාණිමා විජේබන්ඩාර මහත්මිය නියෝග කලාය.

ඉකුත් නඩු දිනයේදී අධිකරණය මගින් දැනුම්දුන් පරිදි බස්නාහිර දකුන අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපතිවරයා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා  ඇතුලු පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර මෙතෙක් විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ අනාවරණය කරන ලදී.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය පිළිබඳ සාක්ෂි සටහන් කිරීම එදිනට නියමිතව තිබුණු අතර සැකකරුවන් අතරින් නම වන  සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලදී.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිය නුවන් ජයවර්ධන මහතා බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් අතුරින් සැකකරුවන් කිහිප දෙනෙකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බැවින්  එම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

එහිදී ඝාතනයට ලක් වූ වූ  සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තුවාල ලබා සිටින මැණික් විජේවර්ධන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා එයට විරෝධය පළ කරමින් විමර්ශන කටයුතු තවමත් අවසන් නොවන බවත් මෙම සැකකරුවන් දම්වැලක පුරුක් ආකාරයට එකකට එකක් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බැවින්  එම ඉල්ලීමට විරෝධය පළ කරන ලදි.

ඒ අනුව මහෙස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *