සමගි

ගංගාරාම ඥානිස්සර හිමිගේ අභාවය රටට විශාල පාඩුවක්

හුනුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අභාවය රටට  දැරිය නොහැකි විශාල පාඩුවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අභාවය සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට ලක්වන බවත් උන්වහන්සේ ගංගාරාම පූජනීය සිද්ධස්ථානය ඇතුළු විවිධ ප්‍රදේශවල අතිශය දක්ෂ ලෙස නිර්මාණශීලී සංවර්ධන කටයුතු රාශියක් සිදු කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේගේ වැඩසිටි ගංගාරාම විහාරයට ඊයේ (2) පස්වරුවේ ගිය අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

කිසිදු අවස්ථාවක කුමන කාර්යකදීවත් අලස නොවී ඉතා දක්ෂ ලෙස උන්වහන්සේ කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

නිශ්චිත ඉලක්කයක් නිර්මාණය කර එම ඉලක්කය සම්පූර්ණයෙන් ම සාක්ෂාත් කර ගන්නට නියමිත කාලවකවානු සහිත ව එම ඉලක්කය කරා යන්නට උන්වහන්සේ සෑමදාම කටයුතු කළ බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම රට බංකොලොත් වී ඇති මොහොතක උන්වහන්සේගේ චරිතය, දර්ශනය හා වැඩපිළිවෙළ රටට ආදර්ශයක් බවත් ඔහු සඳහන් කළේය.

ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අපවත් වීම පිළිබඳ සාතිශය සංවේගය සහ කණගාටුව පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *