හොරෙන් රට පැනීමේ අවස්ථා 181ක් පසුගිය වසරේ මාට්ටු

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේ ඒකකය පසුගිය වසරේ (2023) ව්‍යාජ සංචාරක ලියකියවිලි භාවිත කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වීමට කළ උත්සාහයන් 181 ක් ව්‍යාර්ථ කිරීමට සමත් වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ 2023 වාර්ෂික වාර්තාව මෙම තොරතුරු හෙළි කළේය.

එම වාර්තාව එළිදැක්වීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සහ වින්දිතයන් පිළිබඳ තොරතුරු සහ මිනිස් ජාවාරම් ඇතුළු තොරතුරු එක්රැස් කර නීතිය බලගන්වන ආයතන අතර බෙදාහැරීම පසුගිය වසරේ සාර්ථකව ඉටුකර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූහ.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානි ආචාර්ය මොනෙට් ඩි. අසිස් යන මහත්ම මහත්මීන්, මහ බැංකුවේ මූල්‍ය අපරාධ විමර්ෂන අංශ නිලධාරීන්, ජපාන, කැනේඩියානු නවසීලන්ත සහ බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *