ලේකම්වරුන්ගේ අර්බුද නම් නාම යෝජනා නෑ

ලේකම්වරුන්ගේ අර්බුද පවතින දේශපාලන පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදී නාම යෝජනා ඉදිරිපත් කිරීමෙ අවස්ථාව නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ලේකම් තනතුරුවල අර්බුද පවතින පක්ෂ කිහිපයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

එම පක්ෂ නියෝජිතයන් ඉදිරි දිනවල මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ලේකම් වශයෙන් පිළිගන්නේ කවුදැයි විමසීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

ලේකම් අර්බුද විසඳා ගැනීමට ඔවුන් සූදානම් නැතිනම් ඉදිරි ජනාධිපතිවරණයේදී නාම යෝජනා ලබාදීමට අවස්ථාව නොදෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ලබන 15 වැනිදා උදේ 9.00 සිට 11.00 දක්වා සිදු කෙරේ.

විරෝධතා කාලය 11.30 දක්වා පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *