පොලිසියේ පරිපාලනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධූරයේ වැඩ බැලීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර ඇත.

ඒ පොලිස් කොමිෂන් සභාව විසින් ඉකුත් (18) වැනිදා රැස්වූ පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී ගත් තීරණයකට අනුවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්යෙයන් නිවාඩු යැවීමෙන් පසුව එම ධූරයේ පරිපාලන කටයුතු තාවකාලිකව ඉටු කිරීම සදහා සුදුසු නිලධාරියකු නිර්දේශ කර දන්වන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා දැනුවත් කළද ඉකුත් (29) වැනිදා තෙක් ඒ සදහා නිර්දේශයක් නොලැබුණු බව පොලිස් කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බලතල ප්‍රකාරව පොලිස්පති නිර්දේශයකින් තොරව නියෝජ්‍ය පොලිසිපති (පරිපාලන) පත්කිරීම සදහා නීතිපති උපදෙස් අනුව මෙම පත්කරීම සිදුකර ඇත.

මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන ලලිත් පතිනායක මහතා ඒම තනතුරේ සිටියදීම නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධූරයේද වැඩබැලීම සදහා පත්කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

මෙම පත්කිරීම ජ්‍යෙෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ජ්‍යෙෂ්ඨත්ව ලේඛනයේ ප්‍රමුඛතාව අනුව සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *