ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

මෙම තාක්ෂණික දෝෂය ඊයේ පස්වරු 2.00 පමණ වන විට  සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බවත් එම සමාගම පවසයි.

මේ හේතුවෙන් අන්තර්ජාල වෙන්කර ගැනීමේ සේවාවන්ට බලපෑම් එල්ලූ බවත් සිදුව ඇති අපහසුතාව සම්බන්ධයෙන් ගුවන් සේවය මගීන් වෙත කණගාටුව පළ කර සිටි.

මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතුව ඇත්නම් +94 19733 1979 යන ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *