නැවතත් දුම්රිය වර්ජනයක් ?

උසස්වීම ලබානොදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් පසුගිය සතියේ දින 2ක් දුම්රිය ස්ථානාදිපතිවරුන් වැඩවර්ජනයක නිරතවිය. එම ඉල්ලීම් දාහතරෙන් හයක් කැබිනට් පත්‍රිකාවක් මගින් ජූලි 15 වැනිදා සිට විසඳන බවට ප්‍රවාහන අමාත්‍යවරයා දුන් පොරොන්දුවක් මත වර්ජනය අත්හරිනු ලැබීය. පොරෙන්දුවූ පරිදි තම ඉල්ලීම් මෙතෙක් (18) ඉටුකර නැතැයි එම සංගමය පවසයි.

මෙම ගැටලුවලට පොරෙන්දුවූ පරිදි විසඳුම් ලබා නොදුනහොත් නැවතත් වැඩ වර්ජනයකට යෑමට සිදුවන බවත් ඉන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා ආණ්ඩුව විසින් භාරගතයුතු බවටත් ඔවුන් විසින් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *