ඉන්ධන, ගෑස් මිල සහ විදුලි ගාස්තු පහළ දැමීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල පහළ දමා පාරිභෝගිකයාට සහන සැළසීමට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය.
ඒ අනුව දිවයිනපුරා හෝටල් සහ ආපනශාලා ඇතුළු සෙසු වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්‍ෂා කිරීමටත්, භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ මිල ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ අවධානය යොමුකර වැටලීම් ක්‍රියාත්මක කරන බව ද උඩුවර මහතා සඳහන් කළේය.
ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු පහළ දැමීමට රජය කටයුතු කළ ද ඊට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල පහළ නොදැමීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩි දුරටත් කීය.