කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් විවෘත කෙරිණි.
කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කොහුවල මංසන්ධියේ මෙම ගුවන් පාලම ඉදි කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළොවත්ත, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපනී සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහු ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ.