කංජිපානි ලංකාවට ගේන්න බලය පවරන්නැයි හිටපු අයි පී දුමින්ද කියයි

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා තමන්ට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින්  මීට සිව් මසකට පමණ ඉහතදී දුමින්ද ජයතිලක මහතා හිටි හැටියේ විදේශගත වී තිබිණි

මේ වන විට ඔහුගේ රාජකාරී වැඩ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහනමට ලක් කර ඇත

පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඉකුත් 13 වෙනිදින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ උපන්දින  සාදයට ද එක් වී තිබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද ප්‍රචාරය වී තිබුණු අතර එම ප්‍රචාරයන්ට ද ඔහු මෙලෙස  පිළිතුරු ලබාදී තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *