දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති කීපයක් සහ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
දුම්රිය වෘත්තිය සමිති රැසක ප්‍රධානීන් ස්ථානාධිපති සංගමය සමඟ සාකච්ඡා කළ බවත් ආණ්ඩුව තව දුරටත් මර්දනය යොදාගන්නේ නම් සමස්ත දුම්රිය පද්ධතියම අකර්මණ්‍ය කිරීමට පසුබට නොවන බවත් එම නිලධාරියා කීය.
තැපැල් සහ අධ්‍යාපන යන සේවාවල ප්‍රධාන වෘත්තිය සමිති කීපයක නියෝජිතයන් ද සාකච්ඡා කළ බව කී එම නිලධාරියා පැවසුවේ දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වර්ජනයට සම්බන්ධ දුම්රිය සේවකයන්ට සහය දැක්වීමට එම වෘත්තිය සමිති සූදානම් බවත්ය.
දුම්රිය වර්ජනයෙන් මගී ජනතාව අපහසුතාවට පත්වීමේ වගකීම දුම්රිය බලධාරීන් සහ ආණ්ඩුව ගතයුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.