’’එනවා ගහනවා යනවා: රටේ අද මිනීමැරුම් රජවෙලා’’ – විපක්ෂ නායක

“එනවා ගහනවා යනවා.  රටේ අද මිනීමැරුම්  රජවෙලා”  යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.

අද රටේ ආරක්ෂාව ගැන ගැටළුවක් තියෙනවා.

එනවා ගහනවා යනවා. පුදුම මිනීමැරුම් සිද්ධ වෙන්නේ. මම නම් මේ කාරණය ගැන කතා කරන්න බය වෙන්නේ නැහැ. මේව කතා කරන්න ඕන.  ජනතාවගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම පවතින රජයේ වගකීමක්. මේක බරපතළ  ප්‍රශ්නයක් මොකක්ද ඔබතුමාලා මේකට දෙන විසඳුම. මම මේක අහන්නේ දේශපාලනය කරන්න නෙවෙයි. සමාජයේ  නීතිය සාමය සුරක්ෂිත කළ යුතුයි. ප්‍රචණ්ඩත්වය තුරන් කරන්න අපිත් අපේ සහය දෙනවා. මහජනතාවගේ ආරක්ෂාව සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *