‘‘වත්මන් පාලනය මහින්ද අසරණ කරලා‘‘ – මන්ත්‍රී ඩලස්

රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදි අද පැවසීය.

පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් පාලනය  අසරණ තත්වයකට ඇද දමා ඇතැයි ද ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයා කරනු ලබන යෝජනාව මැතිවරණ කාමයෙන් තම දේශපාලන ඉලක්කම සපුරා ගැනීමක් යැයි ද හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාවල නිදහස ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *