මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉයුනොග්ලොබින් එන්නත මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දැනට රිමාන්ඞ් භාරයට පත්කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා ඇප ඉල්ලා ගොනුකොට ඇති ප්‍රතිශෝධන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තමන්ට විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරියාගම මෙනවිය මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ වෛද්‍ය සැපයීමත් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා ගොනුකොට තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍ර යන මහත්වරුන්ගනි සමන්විත අභියාචනාධි කරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි