තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ ගැන සෙවීමට ගොස් එහි විදුලි පද්ධතියටද හානි සිදුවී ඇතැයි ඔහු සඳහන් කළේය.
ජයසේකර මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය
තෙල් සංස්ථාවේ ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගහලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහිල්ලා තියෙනවා කියලා අපිට ආරංචියි.ඒ ගැන හොයන්න ගිහිල්ලා විදුලි පද්ධතියටත් හානි වෙලා තියෙනවා. ඒක වැරදි විදිහට පාවිච්චි කරලා තියෙන කාරණයක් තියෙන්නේ. දිගින් දිගටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා.
විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා
එතුමා කියන දේ මම දැනගෙන හිටියේ නෑ. මම දැනුවත් කරලා නෑ. සොයලා බලලා කරුණු වාර්තා කරන්නම්.