බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු

මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු  වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන  පොලිස් නිලධාරීන් තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇත.

මාබිම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වෙළඳසල් හිමියකු සපුගස්කන්ද පොලිසියට  කළ පැමිණිල්ලකට අනුව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සිංහල බෙහෙත් බඩු වෙළඳසලට පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනා එම වෙළඳසල සහ නිවස පරීක්ෂා කර එහි තිබුනේ යැයි කියන මෝදක ගුලි සහිත බෝතලයක් රැගෙන පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමට තැත් කර ඇතැයිද , අනතුරුව එසේ නොකිරීමට නම්  රුපියල් එක් ලක්ෂ පනස් දාහක් ඉල්ලා ඇත . එහිදී සැකකරු එම මුදල බැංකු කාඩ් පතකින් ලබාදී ඇතැයි පැවසේ

එම එම පැමිණිල්ලට අනුව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමාගේ නියෝගය පරිදි කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *