ව්‍යාජ ලිපිලේඛන සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී මාට්ටු

ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන අතරතුර ඩුබායි රාජ්‍යයට ගොස් රෙදිපිළි සහ සපත්තු රැගෙන විත් මෙරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙකි .

මොහු ඊයේ(10 ) උදෑසන 08.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඉතාලි ගමන් බලපත්‍ර 09 ක් කූඨ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවර සහ ඒවාට අදාළ වීසා සටහන් පත්‍රිකා 09 ක් සහ ජර්මන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවරයක් සහ වීසා සටහන් පත්‍රිකාවක් ද තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *