හොර සල්ලි මැසිමක් සමඟ අයෙක් මාට්ටු

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමට යොදා ගන්නා ලද පරිගණකයක් ද රුපියල් 500,1000 සහ 5000 නොට්ටු මුද්‍රණය කිරිමට සුදානම්කර තිබු කඩදාසි තොගයක්ද සමග සැකකරුවකු ගාල්ල කොට්ඨාස අපරාධ විමරශණ අංශයේ නිලධාරින් විසින් අහංගමදි ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පුද්ගලික සමාගමක සේවය කරනු ලබන අහංගම ඉමදුව පාර ශ්‍රමදාන මාවත පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

ව්‍යාජ මුදල් නොට්ටුවලට අමතරව සංචාරකයින්ගේ විසා කාලය දීරගකර දිම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 10ක්ද සැකකරු සන්තකයේ තිබි අත් අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරු අහංගම පොලිසියට බාරදි ඇති අතර සැකකරු අද ගාල්ල මහේස්ත්‍ත්‍රාත් වරයාවෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *