‘ජන හද විල පිපි සියපත මහින්ද’ මහින්දට පිළිගන්වයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව වැවහන්දූවේ සුබෝධධම්ම සහ වැවහන්දූවේ ලෝචනධම්ම යන ස්වාමීන් වහන්සේලා දෙනම විසින් රචනා කරන ලද ‘ජන හද විල පිපි සියපත මහින්ද’ නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (09දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අභීත සුජාත ශ්‍රී ලාංකික පුත්‍රයකු ලෙස මාතෘ භූමියේ ස්වෛරීභාවයත්, භෞමික අඛණ්ඩතාවත්, ආර්ථික සමෘද්ධියත් ඇති කරනු පිණිස සිදුකළ අනල්ප වූත් අපිරිමිත වූත් යුග මෙහෙවර පිළිබඳව මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර ඇති බව ස්වාමීන් වහන්සේලා දෙනම සඳහන් කරති.

එම ග්‍රන්ථ ස්වාමීන්වහන්සේලා දෙනම විසින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *