සේවය අත්හැර ගොස් යළි සේවයට පැමිණි පොලිස් නිලධාරීන් පිළිබඳව නිසි ලෙස පසුවිපරමක් නොකිරීම නිසා ඔවුන් අතරින් ඇතැමුන් විවිධ විෂම ක්‍රියාවලට ඇබ්බැහි වී ඇතැයි හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවී තිබෙන අතර තවත් පිරිසක් අල්ලස් ගැනීම් ආදියට කොටුවී ඇත. පසුගිය කාලය තුළ මෙම පිරිස යළි සේවයට බඳවාගෙන ඇත්තේ ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් නිසි ලෙස සොයා නොබලා බව ද පොලිසිය කියයි.
පිටරට රැකියාවලට යන තරුණ තරුණියන් පිළිබඳ පොලිසිය මගින් පසුබිම් වාර්තා අකුරටම සොයා බලනවා නම් පොලිස් සේවය හැරගොස් අභියාචනා මත යළි සේවයට වාර්තා කළ පොලිස් නිලධාරීන්ගේ පසුබිම් වාර්තා නිසි ආකාරයට සොයා නොබැලීම ප්‍රශ්නයක් බව ද එම පොලිස් ප්‍රකාශකයා කීය.