මෙවර අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
“වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස අවුරුදු තරඟ සංවිධායකයින් දැනුවත් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.