හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු ඊයේ (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.

එලෙස රථ වාහන පරීක්ෂා කරන අතරතුර සැක කටයුතු යතුරු පැදියක් එම ස්ථානයෙන් ධාවනය කර ඇති බවත් එම අවස්ථාවේදී යතුරු පැදිය නවත්වන ලෙස සංඥා කළත් සැකකරු නොනවත්වා යතුරු පැදිය ඉදිරියට ධාවනය කර පොලිස් නිළධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව සදහා පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී වෙඩි වැදුණු සැකකරු බරපතල තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු ගුවන් හමුදා කෝප්‍රල්වරයකු ද වන බව පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *