උත්සව කාලයේ රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක්

රාමසාන් උත්සවය සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් සියලුම බන්ධනාගාරවල ලබන 11, 12 සහ 13 යන දිනවල ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

රාමසාන් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් මේ මස 11 වැනි දින අමුත්තන් පෙන්වීමේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක බව ද ඒ මහතා කීය.

රැඳවියන්ගේ ඥාතීන්ට නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ දීමට සියළුම බන්ධනාගාර ආයතන කටයුතු යොදා ඇති බව ද දිසානායක මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *