කතා පැවැත්වීම හැර විවාද කිරීමේ ඉතිහාසයක් සජිත් ප්‍රේමදාස මහතා සතු නොවන නිසා ඔහු විවාදයකට තල්ලු කිරීම පක්ෂය ඇතුලෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්දැයි සැක සිතෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ත්‍රිකුණාමලයේදී පැවසුවාය.
ගැහැණු එක මිටට තේමාව යටතේ පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා සමුළුවේ දී මන්ත්‍රීවරිය එසේ කීවාය.
එහිදි ඇය මෙසේද පැවසුවාය .
අවුරුදු 76ක් මේ රට පාලනය කළ අය රට බංකොළොත් කරලා දැන් අපේ ප්‍රතිපත්ති මොනවද කියල අහනව සතියෙන් සතිය අලුත් මාතෘකා ගෙන විත් පුස් වෙඩි වගේ විනාශ වෙලා යනවා.
දැන් තියෙන අලුත්ම මාතෘකාව විවාදයකට එන්න ලු.විවාද කරන්න අපි සූදානම් ඒකට පිළිවෙලක් කලාවක් තියෙනවා .ඉස්සර වෙලාම එන්නේ ජනාධිපතිවරණය මැතිවරණයට ඉදිරිපත් වෙන්නැති අය සමග විවාද කරලා තේරුමක් නෑ .
ඕනෑම කරුණක් සඳහා අපි අපේ අපේක්ෂකයා විවාද කරන්න එවන්න සූදානම්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙනත් ජනතාව ඉදිරියේ අපි විවාදය පවත්වමු. ඒක කිව්වම මුහුණ දෙන්න බැරුව යට යනවා ඔය විවාද මාතෘකාව අරන් තියෙන්නේ ප්‍රේමදාස මහත්තයාව යට යවන්න. මේක ඇතුලෙන්ම සිදුවෙන කුමන්ත්‍රණයක් හැටියට මට හිතෙනවා .
සමගි ජන බලවේගය කිව්වට අපිට කියන්න තියෙන්නේ ඒක අසමගි බලවේගය කියලා ඔවුන්ගේ නායකයාට ඔවුන් හරස් වෙනවද කියල මට සැකයි. ඕක සමහරවිට රනිල්ගේ කුමන්ත්‍රයක්ද දන්නෙනෑ සජිත් අමාරුවෙි දාන්න. යැයි මන්ත්‍රිවරිය කීවාය.