හරක් හොරුන්ට දැඩි දඬුවම් දෙන්න යයි

හරකකු හොරකම් කරන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හරක් හොරුන්ට එරෙහිව දැඩි නීති ඒ මගින් ක්‍රියාත්මක කරන බව ද  අමරවීර මහතා සඳහන් කළේය.

ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන හරක් හොරුන් වෙනුවෙන් ඉහළම දඩුවම් දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමරවීර මහතා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *