පාස්කු විවාදය දින තුනක්

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය  කළ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  නියෝජ්‍ය කතා නායක  අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ  විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග ලබන  24 වැනිදා බදාදා විවාදයට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *