ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිව ගෙවන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහතා ඊයේ (4) පැවසීය.
ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ටන් පෙරේරා මහතා එසේ පැවසීය.
රට අගාධයට වැටී මහජනතාවට ජීවිත පවත්වාගෙන යා නොහැකි වී තිබෙන කාලයකත් මහජනතාව නොදත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඇති බවත් රජයේ මූල්‍ය අවභාවිතාව පිළිබඳ විගණකාධිපතිවරයා කරුණු විශාල ප්‍රමාණයක් හෙළි කර ඇති බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකාවේ විශාලතම වියදම් රජයේ දෙපාර්තමේන්තු ඇතුළු මහා භාණ්ඩාගාරයේ යැපෙන ආයතනවලින් කරන බව කී ඇන්ටන් පෙරේරා මහතා රජයේ මහා භාණ්ඩාගාරය ජනතාවගෙන් බදු මුදල් එකතු කළ පළියට හිතුමතේ වියදම් කරන්න අයිතියක් නොමැති බව ද සඳහන් කළේය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන වියදම් ඇස්තමේන්තුවලින් සමස්ත රජයේ අයවැය ලේඛනය සකස් කර, පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා නිසා අදාළ වියදම් කළ යුත්තේ අයවැය සම්බන්ධයෙන් පවතින විධිමත් ක්‍රියාවලියට අනුව බවත් මුදල් යොමුකළ යුත්තේ අයවැය මගින් අනුමත වියදම් ඇස්තමේන්තුවක් සඳහා පමණක් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.