ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය මාස 10 කට ආසන්න කාලයකට පසුව රුපියල් 300 කට අඩු අගයක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (3) නිවේදනය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය රුපියල් 299.96 ක් බවත් ඩොලරයක අගය රුපියල් 300 ට අඩු අගයකට පත්වූයේ පසුගිය වසරේ ජූනි 12 වැනිදායින් පසුව වීම කැපී පෙනේ.
අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 295.24 ක් සහ විකුණුම් මිල රුපියල් 304.60 ක් බවත් පසුගිය මාර්තු මස 28 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.6 කින් අතිප්‍රමාණය වී ඇති බවත් මහ බැංකුව කියයි.