නිදහස ලැබූ රජීව් ගාන්ධි ඝාතකයන් මෙරටට

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක් සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ ඊයේ (03) දහවල් වෙත පැමිණ තිබුණි .

ඔවුන් අතර 62 හැවිරිදි  ශන්මුගලිංගම් ජයකුමාර  , 53 හැවිරිදි වෙන්ට්‍රිවල් ශ්‍රී කරන් හෙවත් මුරුගන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබට් පයස් යන අය සිටින අතර ඔවුන් සමග ඉන්දියාවේ නීතීඥවරයෙකු ද පැමිණ සිටියහ .

ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දහවල් 11.03 ට  පැමිණ තිබුණි .

මොවුන් තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර මත මෙරටට එවා තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *