’’රනිල් අලියගෙන් ආවොත් උදව් කරන්නේ නෑ’’ – ප්‍රසන්න රණතුංග

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ඔහුට උදවු කිරීමෙන් වැලකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

“අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවද අමාත්‍යවරයා කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ දේශපාලන කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා කීවෙි විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වරක් ජනාධිපති ධූරයට පත්වීමට නම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝග අත්‍යාවශ්‍ය වන බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැතැයි ද යම් හෙයකින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැම්මොත්  ඔහුට උදවු නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.නාමල් රාජපක්ෂට ජනාධිපති වීමට තව කල් තිබෙන බවද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *