කොටුව මහේස්ත්‍රාත් ඝාතන උත්සහය ගැන විමර්ෂනයක්

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපදෙස් ලබා දී තිබේ .

ටී 81 ග්‍රෑනේඩ් දුර විදිනයකින් පහරදී කොටුව මහේස්ත්‍රා තිලිණ ගමගේ මහතා ඝාතනය කිරිමේ උත්සාහයක් තිබෙන බවට ඔත්තුකරුවකු ඒවා ඇති ලිපියක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

පුද්ගලයෙකු විසින් මහේස්ත්‍රාත්ගේ මහතා ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය දුරකථන මාර්ගයෙන් ඉල්ලා සිටි බවට ඔත්තුකරු ලිපියේ සඳහන් කර ඇති බවට පැවසේ. ගිනි අවිය ලබා ගැනීම සඳහා  ඇමතුම ලබා දුන් පුද්ගලයාගේ දුරකථන අංකයද ඔත්තුකරු ලිපියේ සඳහන් කර තිබෙන බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *