රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට වාරි ඉතිහාසයේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.
උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එම පිළිරුව අභියසදී පැවැත්විණි.
ගාමිණී දිසානායක අතීත මතකය මෙහිදී ආවර්ජනය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගාමිණී දිසානායක මහතාගේ කැපවීම සියලුදෙනාට ආදර්ශයක් බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාමිණී දිසානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි.