සිංහල අලුත් අවුරුද්දට බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

දේශීය වෙළෙඳපොලේ බිත්තරවල අධික මිල පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළෙඹි බවත් ලබන අප්‍රේල් මස මුල සිට එම බිත්තර වෙළෙඳපොලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

වර්තමානය වන විට මෙරට වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 සිට 70 දක්වා මිලක පවතින බවත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 45 කට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *